ලොව විශාලතම තනපටය වෙන්දේසියේ
ලොව විශාලතම තිසරපට E-Bay හි වෙන්දේසියට තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය නිපදවා වෙන්දේසියට තබා ඇත්තේ පියයුරු පිලිකා මර්දන ව්‍යාපාරයකට ආධාර වශයෙන් බවත් එම වාර්තා පෙන්වා දෙයි.
මෙය නිර්මාණය කිරීම පසුගිය වසරේ සිට සිදුකර ඇති අතර මෙය නව ගිනස් ලෝක වාර්තාවක් වනු ඇති බවද ඔවුන් සඳහන් කරයි.
පියයුරු පිළිකා මර්දන දිනය සැමරීම හා ඒ සඳහා ආධාර ලබා ගැනීමට උපයෝගී කර ගැනීමට මෙය ඔක්තොම්බර් මාසයේ සිට ලන්ඩන් අයිටීවී ගොඩනැගිල්ලේ එල්ලා ඇති බවත් ඔවුන් වාර්තා කරයි.
මෙම වෙන්දේසිය සඳහා ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට තමන් බලාපොරොත්තු වන බව එහි ප‍්‍රධාන අධ්‍යක්ෂක මාධ්‍ය වෙත පවසා ඇත.

- Advertisement -