19.2 C
London
Monday, May 19, 2025
spot_img

ලොව වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ  පිරිමි 100m ඉසව්ව  නව ඔලිම්පික් වාර්තාවක් ද සමග ජය ගත්  උසේන් බෝල්ට් ලොව වේගවත්ම මිනිසා තමන් බව යළි තහවුරු කලේය.

උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්ව නිම කළේ, තත්පර 9.63කිනි. ඒ අනුව  2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්ව සඳහා ඔහු විසින්ම පිහිටුවනු ලැබූ වාර්තාව අලුත් කිරීමට බෝල්ට හැකි විය.

මීට පෙර මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් වාර්තාව වුයේ තත්පර 9.69කි.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ද ජැමෙයිකාවට හිමි විය. ඊට හිමිකම් කීවේ තත්පර 9.75කින් තරගය නිම කළ යොහාන් බ්ලේක්ය. තත්පර 9.79කින් සිය ඉසව්ව නිම කළ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හිමි වූයේ, තෙවැනි ස්ථානයයි.

ජැමෙයිකාවේ අසාෆා පවෙල් තරගය නිම කළ ද ඔහු තරගය අතරතුරදී අබාධයට ලක් විය.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ 9 වැනි දිනය අවසන් වන විට, මහජන චීන සමූහාණ්ඩුව යලිත් තරඟාවලියේ ආධිපත්‍යය සියතට ගැනීමට සමත්ව සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles