ලොව සරාගීම කාන්තාව රුසියවෙන් May 29, 2013 Comments Off on ලොව සරාගීම කාන්තාව රුසියවෙන් 10 Views FHM සඟරාව මගින් ලොව සරාගීම කාන්තාව තෝරා ගැනීමේ තරගයක් වසර කිහිපයක සිට පවත්වනු ලබයි. ඒ අනුව මේ වසරේ World Sexiest Women ලෙස තේරී ඇත්තේ රුසියානු ජාතික Milena Markovana Kunis (Mila) ය. කාන්තාවන් 100 දෙනෙක් අතුරින් World Sexiest Women කිරුළ දිනා ගන්නට වරම් ලැබූ Mila කවුද කියලා දැනගන්න ඔබත් කැමති ඇති. 1983 අගෝස්තු 14 වැනිදා යුක්රේනයේ Chernivtsi වලදී උපන් ඇගේ උස අඩි 5 අඟල් 4කි. බර 52 kgයි. කොළ පැහැයට හුරු නිල්පාට ඇස් දෙකක් උපතින්ම උරුම වුණ Mila ගේ හිස කෙස් තද දුඹුරු පාටයි. Black Swan චිත්‍රපටයෙන් රංගනයට දායක වී ඇත. 1991 දී Los Angeles වල පදිංචියට ඇය පැමිණ ඇත්තේ සිය දෙමව්පියන් සමගිනි. පසුගිය වසරේ FHM සඟරාව පවත්වපු මේ තරගෙදි Milaට හම්බවෙලා තියෙන්නේ 14 වැනි ස්ථානය. ඒත් ඊට අවුරුද්දකට පස්සෙ වැඩිම ඡන්දෙන් තේරිලා පළමුවැනි ස්ථානයට පත්වෙන්න ඇයට වාසනාව ලැබුණි. මේ වෙනකොට නිළියක් වගේම හඬ කැවීමේ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන Mila ගේ ජයග්‍රහණය ගැන බොහෝ දෙනෙක් කියන්නේ මෙහෙමයි. “Mila පවත්වාගෙන යන දැඩි මිතුරු සම්බන්ධතා නිසා ඔවුන්ගේ තිබෙන උදවු උපකාරවලින් අංක 1ට එනවා කියන්නේ එතරම්ම පුදුම වෙන්න දෙයක් නෑ” කියලායි. ඒ වගේම FHM 100 Sexiest Editor, Dam jude කියන්නෙ “‘Mila රූපයෙන් විතරක් ලස්සනක් තිබෙන කෙනෙක් නෙවෙයි. එයාට හොඳ රස විඳීමේ හැකියාවකුත් තිබෙනවා. කොටින්ම උසුළු විසුළු කරන්න පවා ඇය කිසිම බයක් දක්වන්නේ නෑ” කියලා. Share featured Latest slider 2013-05-29 ceylonradio Share Facebook Twitter Google + Pinterest