11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

ලොව හෙල්ලු බෙකම් පාපන්දු පිටියෙන් සමුගනියි

එංගලන්ත සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු පාපන්දු කණ්ඩායම් නායකයෙකු වන ඩේවිඩ් බෙකම් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ඊට අදාළ නිල ලිපිය  (16) බාරදී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

වයස අවුරුදු 38 ක් වන බෙකම් වසර 20 ක් පුරා ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කරමින් ස්වකීය දක්ෂතා පෙන්නුම් කළේය.

එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 115 ට ක්‍රීඩා කළ ඔහු කියා සිටියේ තමාගේ දක්ෂතා උපරිමයෙන් පෙන්වා ඇති මෙවන් මොහොතක ක්‍රීඩාවෙන් සමුගැනීම වඩා හිතකර බවයි.

ස්පයිසි ගර්ල්ස් සංගීත කණ්ඩායමේ වික්ටෝරියා බෙකම් සමග විවාහ වී සිටින ඩේවිඩ් බෙකම් දරුවන් සිව්දෙනකුගේ පියෙකි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles