11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

ලොව හෙල්ලූ මුරලි වෙම්බ්ලි ක්‍රිකට් සංගමයට

වෙම්බ්ලි ක්‍රිකට් සංගමය තමන්ගේ දඟපන්දු බලඇණිය  ශක්තිමත් කිරීමේ අරමුණින්, ලොව අග්‍රගන්‍ය දඟපන්දු යවන්නා වන මුත්තය්යා මුරලිදරන් ක්‍රීඩකයා කැඳවා තිබේ. දැනට වෙම්බ්ලි ක්‍රිකට් සංගමයේ ප්‍රබල සාමාජිකයකු වන හා  මුරලිදරන් ගේ සමීපතම මිතුරෙකු වන චුලානන්ද ද සිල්වා ගේ ආරාධනයකට
අනුව ලබන වසරේ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරඟ සඳහා මුරලි සහභාගී වීමට නියමිතය.
ලොව ඕනෑම තණතිල්ලක ඉතා පහසුවෙන් පන්දුව දඟ කැවිය හැකි මුරලි, ලෝක වාර්තා පිට වාර්තා තැබුවේ ප්‍රබල පිතිකරුවන් රැසකගේ කඩුලු තම සතු කර ගානිමින්ය. ලොව වැඩිම ටෙස්ට් කඩුලු 800 හා එක්දින කඩුලු වන 534 ක් රැස්කර ගනිමින් ලොව කිසිම පන්දු යවන්නෙකුට ලඟාවිය නොහැකි, ලෝක වාර්තා දෙකම මුරලි තමා සතුකර ගත්තේ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනදෙමිනි. ග්ලොස්ටශේයර් ප්‍රාන්තයේ විස්සයි විස්ස තරඟාවලිය සාර්ථකව ක්‍රීඩා කරන
මුරලි, දැනට හතලිස් වන වියේ පසුවේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles