ලෝකයේ මිටිම මිනිසා සහ ගැහැණිය එකිනෙකා හමු වේ

ලෝකයේ මිටිම මිනිසා සහ ගැහැණිය ප්‍රථම වරට ඔවුනොවුන් හමුවූවා. මිටිම මිනිසා Chandra Bahadur Dangi, අවුරුදු 72 වයසැති අතර නේපාලයේ ඈත ප්‍රදේශයක වෙසෙන මොහුගේ උස අඟල් 21.5 ක් වේ. අවුරුදු 18 ක් වයසැති Jyoti Amge මිටිම ගැහැණිය, ඉන්දියාවේ නාගපූර් හි වෙසෙන අතර උස අඟල් 25 කට යන්තම් අඩු වේ.
සැප්තැම්බර් 13 දා නිකුත් කිරීමට නියමිත 2013 ගිනෙස් ලෝක වාර්ථා පොතට අනුග්‍රහ දැක්වීම පිණිස මෙම යුවළ සහභාගී කර ගෙන ඡායාරූප ගත කිරීමක් සංවිධානය කර තිබිණි. මින් එක් විශේෂ අවස්ථාවක් වූයේ Chandra සහ Jyoti අතර පරිමාණයක් ලෙස අඟල් 12 ක් උස ගිනෙස් වාර්ථා පොතක් තබා රූපගත කර තිබූ ඡායාරූපයයි.
මෙය ඉතා අපූර්ව මොහොතක් බව රූපගත කිරීමට සහභාගී වූ නිළ ගිනෙස් ලෝක වාර්ථා විනිශ්චයකරු Marco Frigatti පවසා සිටියේය. ඔවුන් ඉතා විශ්මයජනක පුද්ගලයින් බවත්, සියළු දෙනා හට මෙය විශේෂ මොහොතක් වූ බවත්, එම මොහොතේ පරිසරය ද අපූර්ව වූ බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය දෙසැම්බර් මාසයේ 18 වෙනි උපන් දිනය සැමරූ Jyoti ලෝකයේ මිටිම කාන්තාව ලෙස ගිනෙස් වාර්ථාගත වූවා. ඇය එකොන්ඩොප්ලේසියාව නමින් හඳුන්වන ජාන විකෘතිතාවයෙන් පෙළෙන අතර එමඟින් අස්ථි වර්ධනය සහ කාටිලේජ නිර්මාණයට බලපෑම් ඇති කරයි. එකොන්ඩොප්ලේසියාව යනු කුරු බව ඇති කිරීමට හේතු වන සුළබ කාරණයකි.
දැනට Jyoti ගේ උසට වඩා ඇය තවත් වර්ධනය නොවනු ඇත. ඇයගේ කුඩා ප්‍රමාණය නිසා ඇයටම විශේෂිත වූ ඇඳුම් නිර්මාණය කරනා අතර ඇය වෙනුවෙන් ඇයගේ නිදන ඇඳ, පිඟාන, පරිහරණය කරන හැඳි ආදිය ඉතා කුඩා ලෙස නිරිමාණය කර ඇත.
නිළියක් වීමේ ඇයගේ සිහිනය ලුහු බැඳ යන ඇය මේ වන විට හින්දි චිත්‍රපට කිහිපයක රඟ දක්වා ඇත. තමාගේ ගිනෙස් වාර්ථාව හේතුවෙන් තමාට ලෝකය පුරා සංචාරයට අවස්ථාව උදා වී ඇති බවත් තමන් එය රසවිඳින බවත් චීනය සහ යුරෝපීය රටවල් කිහිපයක සංචාරය කර ඇති ඇය බ්‍රිතාන්‍යය වෙත යාමට මහත් ආසාවෙන් සිටින බවත් ඇය පවසා සිටියි.
මෙම අවුරුද්දේ පෙබරවාරි මාසයේ ලෝකයේ මිටිම මිනිසා ලෙස කිරුළු දැරීම නිසා Chandra ලෝකයේම ශ්‍රීර්‍ෂ පාඨයක් බවට පත් විය. මේ දක්වා ඔහු නේපාලයේ කත්මන්ඩු නගරයට සැතපුම් 250 ක් පමණ බටහිරින් පිහිටි පිටිසර කඳුකර ගම්මානයක් වන Rhimkholi හි වාසය කර ඇත. කිසි දිනක වෛද්‍යවරයකු විසින් පරීක්‍ෂාවට ලක් වී නොමැති බැවින් මොහුගේ කුරු වීමට හේතුව වාර්ථා වී නැත. වෛද්‍යවරයින් අනුමාන කරන්නේ මූලාවස්ථික කුරුබවේ අවස්ථාවක් මොහුට පවතින බවයි.
අඟල් 21.5 ක් වූ Chandra ගේ උස නිසා ඔහු ඉතිහාසයේ මිටිම මිනිසා වීමේ වාර්ථාව ද හිමි කර ගත්තේය. මෙතෙක් ලෝක ඉතිහාසයේ මිටිම මිනිසා වීමේ වාර්ථාව තබා තිබූයේ අඟල් 22.5 ක් උස වූ ඉන්දියාවේ Gul Mohammed ය.
ගිනෙස් වාර්ථාවක් තැබීමට හැකි වීම තමන්ට ඉතා සතුටක් බවත් ඔහුගේ නම ග්‍රන්ථාරූඩ වීම තමන්ටත්, තම පවුලටත්, රටටත් ඉතා වැදගත් දෙයක් බවත් ඔහු සඳහන් කරයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...