13.8 C
London
Tuesday, April 29, 2025
spot_img

ලෝකයේ වේගවත්ම මිනිසාටත් ක්‍රිකට් පිස්සුව​

මෙවර ඔලිම්පික් උළලේදීත් තම ආධිපත්‍යය පැතිරූ ලෝව වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලද උසේන් බෝල්ට හටද ක්‍රිකට් වලට යොමු වීමේ දැඩි කැමැත්තක් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී මාධ්‍යයක් සමඟ අදහස් දක්වමින් බෝල්ට් ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ පැවැත්වෙන බිග් බාෂ් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත්වීමට තමා කැමැත්තෙන් පසුවන බවයි. පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා ඉදිරිපත්වීමට අවස්ථාවක් ලැබුණහොත් අනි‍වාර්යෙන්ම තමන් ක්‍රීඩා කරන බවත් තමාගේ මීලඟ සිහිනය එය බවත් ඔහු වැඩි දුරටත් මාධ්‍යය හමුවේ පවසා තිබෙනවා.

ආරංචි මාර්ග පවසන අන්දමට ඕස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් තරුවක් වන ෂේන් වෝන් ද මේ පිළිබඳව ඔහුගෙන් අදහස් විමසා ඇති බව වාර්තා වෙනවා.

උසේන් බෝල්ට් ක්‍රිකට ගහන අයුරු පහත වීඩියෝවන් නරඹන්න.

Previous article
Next article

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles