11.3 C
London
Friday, May 16, 2025
spot_img

ලෝක ඒ.ටී.එම්. මුදල් ජාවරම් කිරුළ ශ‍්‍රී ලංකාවට අතේ දුරින්

ලෝකයේ බැංකු ජාලයේ මෑත ඉතිහාසයේ සිදුවන විශාලතම ඒ.ටී.එම්. මුදල් ජාවාරමේ ප‍්‍රධාන රටවල් කිහිපය අතර ශ‍්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටින බවට ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ඒ.ටී.එම්. කාඞ් මුදල් වංචාවට ලක්වූ රටවල් 26ක් මේ අන විට සොයාගෙන ඇති අතර ඉන් වංචා කළ මුදල් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 45කට අධික බව එම ආරක්ෂක අංශ අනාවරණය කර ඇත.

ශ‍්‍රී ලංකාව තුළ මෙම් ජාවරම සිදුවන්නේ අරාබි රටවල්වලින් සොරකම් කරනු ලබන ඒ.ටී.එම්. දත්ත මෙරටට රැගෙන විත් එම දත්ත උපයෝගී කොටගෙන සකසන ලද ව්‍යාජ ඒ.ටී.එම්. කාඞ් පත් ඔස්සේ බවට අනාවරණය වී තිබේ.

මෙම් ජාත්‍යන්තර වංචාවට සම්බන්ධ ජාවාරම්කරුවන් අට දෙනෙකු මේ වන විට ඇමෙරිකානු ෆෙඩරල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගේ සාමාජිකයන් මුළු ලෝකය පුරාම විහිදී ඇති බවත් ෆෙඩරල් පොලීසිය පවසන බව එරට මාධ්‍ය උපුටා දක්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles