ලෝක විනාශය අද නොවේ හෙට – නාසා විද්‍යාඥ සරත් ගුණපාල
December 21, 2012
33 Views
අද ලෝක විනාශය සිදු නොවන බව ස්ථීර වුවත් අනාගතයේ කෙදිනක හෝ එැවන්නක් සිදුවිය හැකි බව නාසා හි ජෙට් ප්රචාලන පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හා කණ්ඩායම් අධීක්ෂක ආචාර්ය සරත් ගුණපාල පවසයි.
‘‘ඇමරිකාවේත් සුළු පිරිසක් 2012 ලෝක විනාශය ගැන විශ්වාස කරනවා. මේ පිළිබඳව රූපවාහිනී වැඩසටහන් පවා ප්‍රචාරය වෙනවා. එවැනි වැඩසටහන් කිහිපයක් මමත් නැරඹුවා. ඇතැම් මිනිස්සු වසර ගණනාවකට ප්‍රමාණවත් කල් තබාගත හැකි ආහාරපාන ආදිය එක් රැස් කර ගනිමින් ඒවා අන් අය පැහැර ගනී කියල ආරක්ෂක ක්‍රමත් යොදා ගෙන ඇත. ඇතැම් අය පොළොව යට බංකර පවා හදාගෙන ඉන්නවා’’ යැයි හෙතෙම පැවසීය.
ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ ආකාරයෙන් ලෝක විනාශය ගැන විශ්වාස කරන්නේ මිලියන ගණනකට කිහිප දෙනකු වැනි ඉතා සුළු පිරිසක් බව ය.
විද්‍යාත්මකව ගත් කළ මෙම ‘ලෝක විනාශ’ පුවත අලූයම ලූ කෙළ පිඬක් මෙන් ඉවතලිය යුතු බව ආචාර්ය ගුණපාලයන්ගේ අදහස ය.
ලෝකයට විශාල විපතක් සිදුවිය හැකි ආකාර කිහිපයක් ම ඇති බව පවසන ඔහු ඒ කිසිම සිදුවීමක් නිශ්චිත ලෙස සිදුවන දිනයක් හෝ කාලයක් පිළිබඳව පැවැසිය නොහැකි බව ද අවධාරණය කරයි.
අභ්‍යාවකාශයේ සිට පැමිණෙන විශාල ග්රහකයක් පොළොවට පතිතවීමෙන්, ඇතැම් බැක්ටීරියා හෝ වෛරස නිසා හටගන්නා හඳුනා නොගත් රෝගයකින්, විශාල භූ කම්පනයක් හෝ සුනාමියක් මඟින්, දැවැන්ත ගිනි කඳු පිපිරීමකින් පිටවන දුමෙන් හිරු එළිය නොලැබී යෑමෙන්, හිරුගේ කොරෝනාවෙන් පිටවන අංශු ප්‍රවාහයකින්, මිය යමින් ඇති තරුවකින් පිටවන අධිශක්ති කිරණ ප්රවාහයකට හසුවීමෙන්, කළුකුහරයක් සමීපවීම නිසා හිරුමඬලේ ඇති විය හැකි ගුරුත්ව අස්ථාවරත්වයකින් පමණක් නොව නොසිතූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ මිනිසුන් සියදිවි හානි කර ගැනීමට පෙළඹීමෙන් පවා ‘ලෝක විනාශයක් ’ සිදු විය හැකි බවත් එහෙත් එවැන්නක් අපේ ජීවිිත කාලය ඇතුළත හෝ නුදුරු අනාගතයේ පවා සිදු විය හැකි යැයි සිතිය නොහැකි බවත් ඔහු පවසයි.
‘‘ස්ථීරව පැවැසිය හැකි එක ම දෙය නම්, මේවායේ ඇති අස්ථීර ස්වභාවය පමණයි’’
2012 ලෝක විනාශය ගැන පදනම් වන එකම කාරණය වන්නේ මායාවරුන්ගේ කැලැන්ඩරය පමණයි. ඒත්, මායාවරුන් සඳහන් කර ඇත්තේ මේ වසරේ දී දුෂ්කර යුගයක් අවසන් වී නව යුගයක් ඇරඹෙන බව විනා ලෝක විනාශයක් ගැන නොවේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පවසයි.
featured Latest slider 2012-12-21