වතුර බෝතල් වල ජාතික කොඩිය

සියඹලාණ්‌ඩුව නගරයේ වෙළෙඳ සලක අලෙවි කිරීම සඳහා තබා තිබූ ජල බෝතල්වල ජාතික කොඩිය මුද්‍රණය කොට තිබූ අයුරුයි මේ.

ජාතික කොඩිය වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස යෙදීමට නොහැකි බව ජල බෝතල් අලෙවි කිරීමට පැමිණි අලෙවි නියෝජිතයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “අපි මේවා පාර්ලිමේන්තුවටත් යවනවා. ඒ නිසා ප්‍රශ්නයක්‌ නැහැ. එහෙනම් වෙසක්‌ කාඩ්වල බුදුරුව යොදන්නත් බැහැනේ.” යනුවෙනි.

අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් මෙම ජලය බෝතල් කරන බවට එම බෝතලයේ පිටපැත්තේ සඳහන් වේ.මෙම ජල බෝතල් මෙයට පෙර මේ ආයතනයෙන් ලබාගත්තද එහි මෙවැනි ජාතික කොඩි මුද්‍රණය කොට නොතිබුණු බව වෙළෙඳසල් හිමිකරුවෝ කිහිපදෙනෙක්‌ම පැවසූහ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...