වතු හිමියා සහ බිරිඳ මරා මස් කාලා

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පෞද්ගලික තේ වත්තක හිමිකරුවා හා ඔහුගේ බිරියට පහර දී ඝාතනය කළ කම්කරුවන්ගෙන් ඇතැමකු ඔවුන්ගේ මළසිරුරුවල කොටස් කීපයක් කා දමන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

පොලිසිය පවසන්නේ වතු හිමියා හා ඔහුගේ බිරිය ඝාතනය කිරීමෙන් පසු කම්කරුවන් පස් දෙනකු පමණ ඔවුන්ගේ මිනී මස් කන ලද බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවය.

එම අවස්ථාවේ 1000ක පමණ පිරිසක් එහි සිටිය ද සැබවින්ම අපරාධයට සම්බන්ධ වී ඇත්තේ 15 දෙනකු පමණ බවට සැක කරන බවත් අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සියල්ල හඳුනාගෙන ඇති අතර 9 දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසන පොලිසිය මිනී මස් බුදීමේ ම්ලේච්ඡ ක්‍රියාවට අදාළ තොරතුරු පදනම්ව ඇත්තේ ප්‍රහාරය සිදුවු අවස්ථාවේ එහි සිටි කම්කරුවකුගේ පාපෝච්ඡාරණය මත බව කියා තිබේ.

කම්කරුවන්ගේ ප්‍රචණ්ඩකාරිත්වයට හේතුවී ඇත්තේ වතු හිමියා විසින් කම්කරුවන් 10 දෙනකුට පදිංචි නිවාසවලින් ඉවත් වන ලෙස නියෝග කිරීමෙන් ඇතිවූ ආරවුලකි.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...