13.5 C
London
Friday, April 25, 2025
spot_img

වද දුන් කුඩම්මා බන්ධනාගාරගත කරද්දී දැරිය ඉකිගසමින් හඬා වැළපේ!

මවගේ වියෝවීමෙන් පසු තම පියා විසින් කැන්දාගෙන එන ලද කුඩම්මා බාල දැරියකට අනේක වද දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 16 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්‌ත්‍රාත් නියෝග කලා.

ඊට අමතරව දැරියද ලබන 16 දක්‌වා ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසය වෙත යොමුකරන ලෙසද නියෝග කෙරුණා.රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක්‌දරු මවකි.

මෙහි වඩාත් සංවේදී හද කම්පා කරවන දසුනක්‌ වූයේ දැනට අවුරුදු 16 ක්‌ වන දැරිය පුංචි අම්මා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට දිසා විනිසුරුවරයා නියෝග කිරීමත් සමඟ ඉකිගසමින් හඬා වැළපීමය.

හේතු විමසීමත් සමඟ දැරිය හඬමින් ප්‍රකාශ කර සිටියේ මොනවා වුණත් පුංචි අම්මා තමාව කුඩා කාලයේ සිටම හදාවඩාගත් බවත් මොන දුෂ්ටකම් කළත් තමා ඇයට ආදරය කරන බවත්ය.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම අනුවේදනීය මෙන්ම සිත්කම්පා කරවන කතාවේ සුලමුල මෙසේය.

දැරියගේ මව දැරිය වයස අවුරුදු 7 දී පමණ මියයන අතර ග්‍රාමාරක්‍ෂක නියාමකවරයකු වන පියා වෙනත් විවාහයක්‌ කරගන්නේ ඔහුද තවමත් තරුණවිය පසුකරන අවධියේ වීමත්, තම දියණියගේ ආරක්‍ෂාවත් රැකවරණයත් යන බලාපොරොත්තු හේතුවෙනි.

කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දැරියගේ පුංචි අම්මාද දරු සුරතල් බලන මවක්‌ බවට පත්වන්නේ මව නැති මේ කුඩා දැරියගේ එතෙක්‌ තිබූ ළමා ලෝකය හා ඇයගේ කෙළිලොල් බවටද කණ කොකා හඬමිනි.

පුංචි බිළි¹ගේ ආගමනයත් සමඟ පුංචි අම්මාගේ එතෙක්‌ තිබූ මිනිස්‌කම හා හැදිච්චකම බලාසිටියදී දිනෙන් දින සේදීයන්නට පටන් ගන්නා අතර දැරියට මෙන්ම පියාටද නිතර නිතර ප්‍රශ්න හා සණ්‌ඩු දබරවලටද පැටලෙන්නට සිදුවිය.

කාලය මෙසේ සෙමෙන් සෙමෙන් ගතවෙද්දී පියා මේ දැරියගේ නමට තමාට හිමි ඉඩකඩම් පැවරීමට සූදානම් වන බවට පුංචි අම්මාට ඉවෙන්මෙන් දැනගන්නට ලැබෙන අතර දැරියට නිවස අපායක්‌ වන්නේ මින් පසුවය.

බොහෝ දිනවල මේ දැරිය අහළ පහළ තම යහළුවන්ගේ හා ඥති නිවාසයන්හි නැවතී පාසල් යැම් ඒම් සිදුකරන්නටද ඒවායෙහි රාත්‍රියන් ගතකරන්නටද පුරුදු වූයේ තම නිවසේ සිටීමට බැරිකම නිසාය.

2012 වර්ෂයේ එක්‌තරා දිනක මේ වන විට 16 හැවිරිදි වියේ පසුවන මෙම දැරිය ජීවිතය නැතිකර ගැනීම සඳහා වස පානය කොට ඇති බවටද පොලිස්‌ පොත්වල සටහන්වී ඇති අතර මෙසේ දිගින් දිගටම සිදුවන හිරිහැර කරදර බලාසිටිය නොහැකි අසල්වාසීන් සිද්ධිය කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට දැන්වීමෙන් පසු ඒ පිළිබඳව වහා සොයා බලන ලෙස වාන්ඇල පොලිසියට දැනුම් දීමක්‌ කර ඇත.

පුංචි අම්මා හා දැරිය කන්තලේ අධිකරණය හමුවට යොමුවන්නේ ඒ අයුරිනි. වයසින් මුහුකුරා ගිය ගැහැනියකුද වන මෙම අම්මා අහිංසක දැරියකට කාලයක්‌ම කළ වද හිංසාද අමතක කොට කුඩා දැරියක්‌ වයසින් මුහුකුරා ගිය ගැහැනියක්‌ ලෙස වෛරයකින් තොරව පුංචි අම්මා වෙනුවෙන් අධිකරණයේදී කළ ඉල්ලීම එම අවස්‌ථාවට මුහුණදී සිටි කොයිකාගේත් ඇස්‌වලට කඳුළු එක්‌කළේ නිතැතිනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles