පසුගිය දින 21 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වරෙන්තුකරුවන් 10, 648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මස (20) වන දින සිට ඊයේ (12) දක්වා අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 966 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිස් කොට්ඨාශය තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 762 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව ගල්කිස්ස පොලිස් කොට්ඨාශය තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 497 දෙනෙකු සහ අම්පාර පොලිස් කොට්ඨාශය තුළ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 457 අත්අඩංගුවට ගෙන ඇත.
වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.