මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායමේ මෙන්ම ශී‍්‍ර ලංකා වයස 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමේද නායකයා වන කුසල් මෙන්ඩිස් පසුගිය සිකුරාදා පැවැති ‘බාටා – සන්ඬේ ටයිම්ස්’ පාසල් කි‍්‍රකට් සම්මාන උළෙලේදී වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. ඔහුට එම සම්මානය ප්රදානය කරන ලද්දේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ (වර්තමානයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය) හිටපු සභාපති වරයකු වන ආනා පුංචිහේවා මහතා විසිනි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යොහාන් ද සිල්වාට එහි අනුශූරතාව හිමිවිය.
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වශයෙන් ලද සම්මානයට අමතරව වසරේ දක්ෂතම පිතිකරුවාට හිමිවන සම්මානයටද හිමිකම් කීමට මෙම වේල්ස් කුමරුවා සමත්වූයේ තරග 16 කට සහභාගී වෙමින්, ඉනිම් 23 ක් තුළ ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක්ද සමගින් ලකුණු 835 ක් රැස්කරමිනි. ඔහුගේ ඉනිමක සාමාන්‍යය සටහන්වූයේ ලකුණු 36.30 ක් ලෙසිනි.
කුසල්ට පමණක් දෙවැනි වෙමින් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා අනුශුරතාව දිනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යොහාන් ද සිල්වා, වසරේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානයද දිනාගත්තේ තරග 15 කට සහභාගි වෙමින් ඉනිම් 28 කදී කඩුලූ 111 ක් දවාගනිමිනි. කඩුල්ලක් දවාගැනීමේදී යොහාන් විසින් දෙනු ලබන සමාන්‍ය ලකුණු සංඛ්‍යාව 9.45 ක් ලෙස සටහන් විය.
පාසල් කි‍්‍රකට් තරග 18 කට සහභාගී වෙමින් ඉනිම් 30 ක් තුළ ලකුණු 715 ක් රැස්කරමින්, කඩුලූ 84 ක්ද දවාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ චලන ද සිල්වා සමස්ත ලංකා කාණ්ඩයේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය. වසරේ දක්ෂතම කණ්ඩායමට හිමිවන සම්මානය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය දිනාගනිද්දී එම කණ්ඩායම මෙහෙයවූ හසිත මදුෂාන් වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගත්තේය.
නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ධනුෂ්ක සඳරුවන් සම්මාන ලබාගත් අතර එම කාණ්ඩයේ අනුශූරතාව පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ළහිරු සංජයට හිමිවිය. වසරේ නැගීඑන කණ්ඩායම ලෙස අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සම්මාන දිනාගත්තේ ඔවුන් සහභාගීවු තරග 6 න් 2 ක් ජයගෙන, 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි. දක්ෂතම අන්තර් ජාතික පාසල ලෙස සම්මාන දිනාගත්තේ වත්තල ලයිසියම් විදුහලයි.
‘සන්ඬේ ටයිම්ස්‘, ‘ඬේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වල පළවූ කුපන් පත් මගින් තෝරාගනු ලැබූ වසරේ ජනප්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ බාෂිත් මුසම්මිල්ය. එහි නැගීඑන පාසල් කාණ්ඩයේ ශූරතාව ගාල්ල විද්‍යාර්ථ විද්‍යාලයේ සංජු ශාරුක්ටත්, අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ශූරතාව ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රිටත් හිමිවිය.
බාටා සමාගම සහ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත එක්ව 34 වැනි වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළෙල පසුගිය සිකුරාදා (2 වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මණ්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. අශෝක ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, විකාස් ආනන්ද් (බාටා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක), ජයන්ත සෙනෙවිරත්න (තේරීම් කමිටු ප්‍රධානී), හත්තා ටුටුකෝ (බාටා සමාගමේ මුල්‍ය පාලක), ඩිල්ෂාන් ද සිල්වා (පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම්) සහ ශිරෝෂ ගුණතිලක යන මහත්වරු ඇතුලූ ආරාධිත අමුත්තෝ රැසක්ම මෙම සම්මාන රාති‍්‍රයට සහභාගීවූහ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ සහ එහි නායකත්වය දැරූ බොහෝ කී‍්‍රඩකයන් ඔවුන්ගේ පාසල් වෙනුවෙන් කී‍්‍රඩා කළ කාල වකවානු වලදී වසරේ දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් ලෙස බාටා සම්මාන දිනා තිබේ.
ඔවුන් අතර දැනට අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ප්‍රධාන තරග තීරකවරයා වන රංජන් මඩුගල්ලේ සහ තරග තීරක රොෂාන් මහානාම, ශී‍්‍ර‍්‍ර ලංකාවට ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, පසුගිය වසරේ අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ හොඳම විනිසුරු ලෙස සම්මානයට පාත්රවූ කුමාර ධර්මසේන, වත්මන් ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතපත්තු, ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පිට දඟ පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන්, ශී‍්‍ර‍්‍ර ලංකාවෙන් බිහිවූ අති දක්ෂ ටෙස්ට් පිතිකරුවන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, හෂාන් තිලකරත්න, තිලාන් සමරවීර සහ වත්මන් ශී‍්‍ර ලංකා එක්දින පිලේ උප නායක මෙන්ම විස්සයි 20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් ඉදිරියෙන්ම සිටිති.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව – කුසල් මෙන්ඩිස් (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය)
අනුශූරතාව – යොහාන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
දක්ෂතම පිතිකරු
ශූරතාව – කුසල් මෙන්ඩිස් (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය)
අනුශූරතාව – පවන් දේවින්ද (කොළඹ මහානාම විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව – යොහාන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනුශූරතාව – රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව – නිර්වන්ත තික්ෂිල (ගාල්ල මහින්ද විද්‍යාලය)
අනුශූරතාව – හසිත මධුෂාන් (ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව – චලන ද සිල්වා (ගාල්ල මහින්ද විද්‍යාලය)
අනුශූරතාව – රමිඳු කුමාරසිංහ (මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය)
දක්ෂතම නායකයා
ශූරතාව – හසිත මධුෂාන් (ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය)
දක්ෂතම කණ්ඩායම
ශූරතාව – ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය
ජනප්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව – බාෂිත් මුසම්මිල් (කොළඹ වෙස්ලි විද්‍යාලය)
අනුශූරතාව – මින්හාජ් ජලීල් (තර්ස්ටන් විද්‍යාලය)
නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව – ධනුෂ්ක සඳරුවන් (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
අනුශූරතාව – ළහිරු සංජය (පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය)
දක්ෂතම පිතිකරු
ශූරතාව – සහන් ආරච්චිගේ (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)
අනුශූරතාව – ළහිරු උදාර (ශාන්ත ජෝන් විද්‍යාලය නුගේගොඩ)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව – ධනුෂ්ක සඳරුවන් (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
අනුශූරතාව – රොෂේන් ප්‍රනාන්දු (කටුනේරිය ශා. සෙබස්තියන් විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව – රිෂාන්ත් තුදෝර් (යාපනය ශාන්ත පැට්රික් විද්‍යාලය)
අනුශූරතාව – කණිෂ්ක පෙරේරා (කෝට්ටේ ජනාධිපති විද්‍යාලය)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව – ළහිරු සංජය (පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය)
අනුශූරතාව – ධනුෂ්ක සඳරුවන් (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
ජනප්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව – සංජු ශාරුක් (ගාල්ල විද්‍යාලෝක විදුහල)
අනුශූරතාව – ළහිරු විමුක්ති (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය)
දක්ෂතම කණ්ඩායම්
බස්නාහිර පළාත් ශූරතාව – ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
මධ්‍යම පළාත් ශූරතාව – මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
දකුණු පළාත් ශූරතාව – මාතර රාහුල විද්‍යාලය
සබරගමුව පළාත් ශූරතාව – කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය
උතුරු පළාත් ශූරතාව – යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය
වයඹ පළාත් ශූරතාව – කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය
උතුරු මැද පළාත් ශූරතාව – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
දක්ෂතම නැගී එන කණ්ඩායම
ශූරතාව – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
වසරේ අන්තර් ජාතික පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව – සංජීව් කුමාරස්වාමි (වත්තල ලයිසියම් විදුහල)
දක්ෂතම කණ්ඩායම
ශූරතාව – වත්තල ලයිසියම් විදුහල
source:Lankadeepa