Ceylon Gossip වසර එකහමාරකට පසුව දුමින්ද සිල්වා යළි පාර්ලිමේන්තු ආ හැටි By ceylonradio - June 20, 2013 0 115 FacebookTwitterPinterestWhatsApp භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ 11 වැනි සැකකරු බවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඊයේ (19) පාර්ලිමෙන්තුවට පැමිණියා. ඔහු පාර්ලිමේන්තුවට ආවේ වසර එකහමාරකට පමණ පසුව වන අතර සුදු ඇඳුමෙන් සැරසී දුමින්ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි. සිංගප්පූරු රෝහලකදී ද ප‍්‍රතිකාර ලබා මීට මාස කීපයකට ඉහතදී දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා පසුව කොළඹ පෞද්ගලික රෝහලකදී නතර වී ප‍්‍රතිකාර ලැබීය. අවසන් වරට ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ 2011 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා වන අතර ප්‍රතිකාර ගැනීම සඳහා ඒ මහතාට මාස තුනෙන් තුනට නිවාඩු අනුමත කෙරිණි. විපක්‍ෂ ආසනවල පිටුපස ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති තම අසුනේ අසුන් ගෙන සිටි ඒ මහතා කළු පැහැති කලිසමකින් සහ සුදු කමිසයකින් සැරසී සිටියේය. දුමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි ඡායාරූපවල දැක්වේ. Share