වසර එකහමාරකට පසුව දුමින්ද සිල්වා යළි පාර්ලිමේන්තු ආ හැටි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ 11 වැනි සැකකරු බවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඊයේ (19) පාර්ලිමෙන්තුවට පැමිණියා.

ඔහු පාර්ලිමේන්තුවට ආවේ වසර එකහමාරකට පමණ පසුව වන අතර සුදු ඇඳුමෙන් සැරසී දුමින්ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි.

සිංගප්පූරු රෝහලකදී ද ප‍්‍රතිකාර ලබා මීට මාස කීපයකට ඉහතදී දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා පසුව කොළඹ පෞද්ගලික රෝහලකදී නතර වී ප‍්‍රතිකාර ලැබීය.

අවසන් වරට ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ 2011 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා වන අතර ප්‍රතිකාර ගැනීම සඳහා ඒ මහතාට මාස තුනෙන් තුනට නිවාඩු අනුමත කෙරිණි. විපක්‍ෂ ආසනවල පිටුපස ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති තම අසුනේ අසුන් ගෙන සිටි ඒ මහතා කළු පැහැති කලිසමකින් සහ සුදු කමිසයකින් සැරසී සිටියේය.

දුමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි ඡායාරූපවල දැක්වේ.

DumindhaSilva_410px_19_06_002 DumindhaSilva_410px_19_06_003 DumindhaSilva_410px_19_06_004 (1) DumindhaSilva_410px_19_06_004 DumindhaSilva_410px_19_06_005 DumindhaSilva_410px_19_06_006

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...