වසර 14 කට පසු සැම්සුන් නොකියා පරදයි

0
144

නවතම වෙළඳපොල සමීක්‍ෂණ වාර්තා අනුව ප්‍රකට නොකියා සමාගම පරදා සැම්සුන් සමාගම ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම ලෙස තේරී පත්ව ඇත. පසුගිය කාර්තුව තුල සැම්සුන් සමාගම ජංගම දුරකථන මිලියන 93.5ක් පමණ නැව් ගත කොට ඇතත්, නොකියා සමාගම විසින් නැව් ගත ෙකාට ඇත්තේ ජංගම දුරකථන මිලියන 82.7ක් පමණ කි.
ඉහත වාර්තා අනුව නොකියා සමාගම අංක එකේ ජංගම දුරකථන නිපැයුම් සමාගම ලෙස 1998 සිට වසර 14ක කාලයක් නොකඩවා මුල් තැන හෙඹවීය. එමෙන්ම ඇපල් සමාගම හා සැම්සුන් සමාගම එක්ව ගත් කළ ලොව ජංගම දුරකතන අතුරින් අඩකටත් වඩා ප්‍රමාණයක හිමිකාරීත්වය දරයි.