11.3 C
London
Friday, May 16, 2025
spot_img

වසර 17 කට පසු ලැබුණු වැටුපත් සමග යලි මව්රටට

සර 17 ක් සෞදි අරාබියේ
වසර 15 ක් කිසිදු ‍වැටුපක් නැහැ
රජයේ මැදිහත්වීමෙන් යලි මව්රටට

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස වසර 17ක් වැටුප් නොගෙවා රඳවාගෙන සිටි කාන්තාවක් සෞදියේ-ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එරට පිහිටි රියාල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව සිදුකල පරීක්ෂණයකින් අනතුරුව යළිත් මව්බිමට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

ඇය කලුතර පදිංචි කුසුමා නන්දනී වන අතර 1995 වසරේදී විදේශගතවී තිබේ. සෞදි අරාබියේ රියාද් නගරයේ ඇය සේවය කළ නිවසේ ස්වාමියා ඇයට වසර දෙකක් පමණ වැටුප් ගෙවා ඇති අතර, ඉතිරි වසර 15 සඳහා කිසිදු ගෙවීමක් කර නොමැත.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා දැනට මාස 4 කට පෙර සෞදි අරාබියට ගිය අවස්ථාවේ දී එරට නිලධාරීන්ට මේ පිළිබඳව කරුණු දක්වා, එරට රජයේ කඩිනම් මැදිහත්වීම මේ සඳහා ලබාගෙන තිබේ.

එහි ප්‍රථිපලයක් වශයෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භකොට, මෙම කාන්තාව ඔලෙයියා සුභසාධන මධ්‍යස්ථානයේ තබාගෙන සාධාරණයක් ඉටුකිරීමට ක්‍රියාත්මක විය.

මෙම තත්ත්වය තුල කාර්යාංශය, රියාද් තානාපති කාර්යාලය හරහා අවශ්‍යය කටයුතු කඩිනම් කිරීමෙන් අනතුරුව, ඇයට වසර 15ට හිමි සියලු වැටුප් ලබාදීමට හැකිවූ අතර, ඒ අනුව ඇයට සෞදි රියාල් 72000ක මුදලක් (රු.ලක්ෂ 24 කට ආසන්න) හිමි වී ඇත.

ඒ අනුව පසුගියදා කුසුමා නන්දනී මහත්මිය දිවයිනට පැමිණි අතර වසර 17 කට පසු පැමිණි මව පිළිගැනීම සඳහා ඇයගේ දරු දෙදෙනා ද ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles