14.9 C
London
Friday, April 25, 2025
spot_img

වසර 2016 දී ජලභීතිකාව තුරන් කිරීම ඉලක්‌කයයි

“වසර 2001 දී ශ්‍රී ලංකාවෙන් ජල භීතිකා මරණ 101ක්‌ වාර්තා වුණා. එහෙත් ක්‍රමයෙන් අඩු වී වසර 2011 දී වාර්තා වුණේ ජලභීතිකා මරණ 14ක ප්‍රමාණයක්‌. දැන් අපේ අරමුණ තමයි වසර 2016 වන විට මේ රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට කටයුතු කිරීම.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පශු වෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය පී. ඒ. එල් හරිස්‌චන්ද්‍ර මහතා පැවසී ය. ඒ මහතා මේ අදහස්‌ දක්‌වා සිටියේ සැප්තැම්බර් 21 වැනි දින සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ලෝක ජල භීතිකා දිනය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේ දී ය. වෛද්‍ය පී. ඒ. එල් හරිස්‌චන්ද්‍ර මහතා එහි දී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

“මාරාන්තික රෝගයක්‌ වන මෙය රෝගය මර්දනය කිරීමට තිබෙන පහසුම ක්‍රමය තමයි වයිරසය විනාශ කිරීම. ඒ සඳහා සුනඛයන්ට එන්නත් ලබා දිය යුතු වෙනවා. වඳ සැත්කම් කිරීමෙන් උන්ට උපත් පාලන එන්නත් ලබා දීම ද කළ යුතු වෙනවා. මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට දිවයිනේ සුනඛයින් 50000කට වඳ සැත්කම් කර තිබෙනවා. සුනඛයින් 25000කට උපත්පාලන එන්නත් ලබා දී තිබෙනවා. ලක්‌ෂ 5ක පමණ සුනඛයන්ට ජල භීතිකා එන්නත් ලබා දී තිබෙනවා.”

මෙහි දී අදහස්‌ දැක්‌වූ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජලභීතිකා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය “වර්ෂ 1995 දී වෛද්‍ය පර්යේෂණායතනය ජලභීතිකා එන්නත නිෂ්පාදනය කළා. මෙමගින් ඉතා දරුණු ආබාධ ඇති වූ නිසා දැන් එම එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්‌ මත ඉතා ම ආරක්‌ෂාකාරී පටක රෝපිත එන්නත තමයි රෝගීන්ට ලබා දෙන්නේ. මේ එන්නත ඉතා ම මිල අධිකයි. වර්ෂයකට මේ එන්නත සඳහා රුපියල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක්‌ වැය වෙනවා. රෝගීන්ට ලබා දෙන්නේ නොමිලේ.” යනුවෙන් පැවසුවා ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles