Saturday , 7 September 2024

ව්‍යාජ මුදල් සමග දෙදෙනෙක් අසුවේ

රුපියල් 5000 නෝට්ටු 18ක් හා රුපියල් 1000 නෝට්ටු 160ක්ද ඇතුළුව ව්‍යාජ ගමන් බලපත්‍ර ඇතුළු සහතික සැකසු පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර කිරිබත්කුඹුර හා ජම්බුගහපිටිය ප්‍රදේශවලදී පෙරේදා (27) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදාවෙන් ඉවත්ව ගිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා මහනුවර කටුගස්තොට ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකු එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගත් පරිගණකයක් ඇතුළු උපරකණ කිහිපයක් ද මොවුන් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...