13.3 C
London
Friday, November 14, 2025
spot_img

වැඩබැලීමට තවත් කෙනෙක්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 109(1) වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප‍්‍රකාරව වැඩබලන අගවනිනිසුරුවරයෙකු පත් කිරීමට අවධානය යොමු වී ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝගයක් ඉදිරිපත්ව ඇති නිසා එම දෝෂාභියෝගය පිළිබඳ තේරීම් කාරක සභා විමර්ශණය නිමවන තුරු එතුමියට නඩු විසඳීමේ කටයුතුවලින් වැලකී සිටීමට ඉඩ සලසමින් මෙම තීරණය ක‍්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට ඇත.

මේ පිළිබඳව රජයේ නීති අංශ ප‍්‍රධානීන් මෙන්ම දේශපාලන උපදේශකයන්ද කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසන්නේ ජනාධිපතිවරයාගේ බලතල ප‍්‍රකාරව එවන් පත්කිරීමක් සිදුකල හැකි බවයි. කෙසේ වෙතත් එවැන් පත්කිරීමක් කල හැක්කේ දින 14කට වරක් අලූත් කිරීමේ පදනම යටතේ බවද එවැනි පත් කිරීමකට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිගේ බලතල ප‍්‍රකාරව එය කල යුතුද යන්න සම්බන්ධයෙන් යමක් කිව නොහැකි බවත් අවශ්‍ය නම් දෝෂාභියෝගය හමාර වන තුරු අගවිනිසුරුවරියට නිවාඩු ගත හැකි බවත් සරත් සිල්වා මහතා කියයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles