13.1 C
London
Sunday, December 7, 2025
spot_img

වැල්ලවායේ ඇල්ලගාව සිසුන්ට ගංජා කෝපි දුන් මුදලාලි දැලේ

ගංජා මිශ්‍ර කොට තේ සහ කෝපි ලබා දෙමින් ප්‍රදේශයේ තරුණයින් සහ පාසල් සිසුන් ඒවා සඳහා ඇබ්බැහි කළ මුස්ලිම් ව්‍යාපාරික වෙළඳ සැලක් මීට ටික වෙලාවකට පෙර වැටලූ වැල්ලවාය පොලිසිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ. දිගු කලක් තිස්සේ පැසැල් ළමුන් හා තරුණයින් ඉලක්ක කොට මේ ව්‍යාපාරය මොහු විසින් කරගෙන ගොස් තිබෙන අතර ගංජා මුසු කළ තේ හා කෝපි කෝප්පයක මිල රුපියල් 50/= ත් 60/= අතර වී තිබේ. ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වන වැල්ලවාය ඇල්ල මංසන්ධියේ මේ වෙළඳසැල පිහිටා තිබූ අතර ඒ අවට ජාතික පැසැලක් මහා විදුහල් දෙකක් පිහිටා තිබේ. ගම්මාන 75 ක පමණ සිසුන් සහභාගි වන ප්‍රකට උපකාරක පංති පැවැත්වෙන ආයතන 4 ක්ද මේ අසල ඇති අතර ඒවාට සහභාගීවන සිසුන් බොහොමයක් මේ වෙළඳ සැලින් තේ හා කෝපි පානයට හුරුව සිටි බව වාර්තා වේ. උපාය දූතයෙකු මඟින් මේ වැටලීම සිදුකොට ඇති අතර වැල්ලවාය ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles