පොලිස් විශේෂ කාර්ය බලකාය අද සවස වැලිකඩ බන්ධනාගාරය වටකොට දැවැන්ත සෝදිසියක් ආරම්භ කළේය. පොලිස් නිල සුනඛයින් ද බෝම්බ සොයන උපකරණද සමඟ බන්ධනාගාරය වටලනු ලැබූ එම කණ්ඩායමේ පන්සියයක් පමණ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සිට ඇත. බන්ධනාගාරය තුළ සිටිමින් රැදවියන් කරන මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල කටයුතු අධ්‍යනය කිරීමත් මෙම මෙහෙයුමේ අරමුණ වූ බව විශේෂ කාර්ය බලකා ප්‍රධානියෙක් සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාර සෝදිසියේ දී බන්ධනාගාරයේ ආරක්ෂාව පවා විශේෂ කාර්ය බලකාය සියතට ගෙන ඇති අතර සිරමැදිරිවල සිටි රැදවියන් සියලු දෙනාම වෙන් වෙන් වශයෙන් පිටතට ගෙන මාංචු දමා ඔවුන්ගේ ශරීර පරික්ෂාවක්ද, සිර මැදිරි පරික්ෂණයක්ද සිදු කිරීමට නියමිතව තිබුණද මෙහෙයුමට විශේෂ කාර්ය බලකාය යොදවා ගැනීම සම්බන්ධයෙන් රැඳවියන් තුළින් එල්ලවෙමින් තිබූ විරෝධය ඉතා උණුසුම් කාරී තත්වයක් දක්වා වර්ධනයවී ඇත.
කලහකාරී ලෙස හැසිරිණු රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා ගිනි අවි පැහැරගෙන තිබේ. අද පස්වරු 6.25 පමණ වනවිට බන්ධනාගාර වහලයේ සිටින සිරකරුවන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇත. වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ කිහිප දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළ කර තිබේ. රාත්‍රී 9 පමණ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ. තුවාල කරුවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්, බන්ධනාගාර නියාමකවරුන්, සිරකරුවන් සහ මාධ්‍යවේදියක්ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්.එම්.රණවන මහතා අද (09) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු හදිසි ශෛල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරය වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ තත්ත්වය හේතුවෙන් බේස්ලයින් පාරේ දෙමටගොඩ සිට බොරැල්ල දක්වා එක් මං තීරුවක් වසාදමා තිබේ.