වැස්සත් සමඟ වැටුණු කිඹුල් පැටවා

මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුල්තානාගොඩ ප්‍රදේශයට පසුගිය (17) දින රාත්‍රි 11ට පමණ ඇද හැලුණු වර්ෂාවත් සමඟ කිඹුල් පැටවකුද පොළොවට පතිත වී ඇත.

අඩි එකහමාරක් පමණ දිගකින් යුක්ත මේ කිඹුල් පැටවා වැසි ජලයත් සමඟ පොළොවට පතිත වන ආකාරය සුල්තානාගොඩ පදිංචිකරුවකු දැක ඇති අතර, පසුව එම කිඹුල් පැටවා අල්ලා බේසමකට දමා වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...