‘වින්ඩොස් 8′ පෙර ඇණැවුම් ලබා ගැනීම ඇරඹේ October 15, 2012 Comments Off on ‘වින්ඩොස් 8′ පෙර ඇණැවුම් ලබා ගැනීම ඇරඹේ 2 Views නිල නිකුතුව ඉතා ආසන්නයේ පවතින මේ මොහොත වනවිටත් ‘වින්ඩෝස් 8’ පිලිබද නොවිසදුනු ගැටලු කිහිපයක්ම තාමත් ඉතිරිව ඇත. මෙම ගැටලු අතර බෙහෙවින් කතාබහට ලක්වූ කරුනක් වූවේ මෙම නව මෙහෙයුම් පද්ධතියේ මිළ ගනන් පිලිබදවය. මේ වන විට මයික්‍රසොෆ්ට් ආ යතනය මෙන්ම බාහිර වෙළඳ ආයතන කිහිපයක් ඔස්සේ වින්8 හි මිල ගනන් ප්‍රකාශවෙමින් පවතින අතර පෙර ඇනවුම් කිරීමේ අවස්ථාවද ඇරඹී ඇත. බොක්ස් ආකාරයේ ‘වින් 8’ මිලදී ගැනීමක් ප්‍රවර්ධන කාලයතුලදී ඩොලර් 69.99 ලෙසට පැවසෙන අතර අනතුරුව එය ඩොලර් 199.99 වනු ඇති බව සඳහන් වෙයි. පෙර සංස්කරන වලදී ධෑඵ ලෙසට නම් කල සිස්ටම් බිල්ඩර් ලෙසට දැන් නම් කරන සාමන්‍ය සරල භාවිතයට ගැලපෙන සංස්කරනය ඩොලර් 99.99 ලෙසටත් ‘වින්8 ප්‍රෝ’ ලෙසට නම් වන ව්‍යාපාරික මටමේ සංස්කරනයන් ඩොලර් 139.99 ලෙසටත් මිල කර තිබේ. ආයතනය පවසන්නේ සිස්ටම් බිල්ඩර් බොක්ස් සංස්කරනයක් වුවත් ආයතනික සහය පෙරදී මෙන් නොලැබෙන බවයි. එසේම පෙරකී ප්‍රවර්ධන කාලය ලබන ජනවාරි 31 දක්වා වනු ඇති බවද වාර්තා පලවෙයි. Share featured Latest slider 2012-10-15 ceylonradio Share Facebook Twitter Google + Pinterest