සීතල කාළගුණය මධ්‍යයේ පසුගිය ඉරිදා (06)ඇමරිකාවේ සෝල්ට් ලේක් සිටි නගරයට රැස්වූ සිය ගණනක් ජනතාව සිය යට ඇඳුමෙන් පමණක් සැරසී නගරය වටා ගමන් කරන ආකාරය කාහටත් දැකගත හැකි විය.
මෙම වැඩසටහනේ සංවිධායකයන් පවසන ආකාරයට මේ සඳහා සහභාගී වන්නන්ට තමන් කැමති අදහසක් ප්‍රකාශ කිරීමටත් ඔවුන් බලපොරොත්තු වන වෙනස් වීම් වෙනුවෙන් පෙනී සිටීමටත් නිදහස ලබා දී තිබුනි.
ඒ අනුව ගංජා නීතිගත කිරීමේ සිට සමලිංගික විවාහ සහ ස්වේච්ඡතාව(Autism ) පිලිබඳ සමාජ අවබෝධය වැඩි කිරීම දක්වා වූ විවිධ මත වැඩසටහනට සහභාගී වුවන්ගෙන් ප්‍රකාශ විය.
වැඩසටහනේ සංවිධායක එරික් ස්ටීන් මේ පිලිබඳ අදහස් ප්‍රකාශ කරමින් පවසන්නේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ හොඳම ක්‍රමයක් බවයි , ඒ පිරිසක් යට ඇඳුමෙන් සැරසී ප්‍රසිද්ධියේ හැසිරෙන විට බොහෝ දෙනා ඒ පිලිබඳ උනන්දුවෙන් සොයා බලන හෙයිනි.
පහත දැක්වෙන්නේ එම වැඩසටහන කැමරා ඇසට හසුවූ අයුරුයි.