විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමේ

උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටින්නේ වෛද්‍ය පීඨ හැරෙන්නට අනෙකුත් සියළු විශ්ව විද්‍යාල අද දින එනම් අගෝස්තු 21 සිට දින නියමයක් නොමැතිව වසා දමන ලද බවයි. විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන්ගේ වැඩ වර්ජනය මීට හේතු වී ඇති බව සඳහන් වේ. කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, මොරටුව, යාපනය, රුහුණ, රජරට, සබරගමුව සහ වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 21 ක් මෙලෙස වසා දැමීමට ලක් වේ. නමුත් අමාත්‍යංශය පවසා සිටියේ නැවත විශ්ව විද්‍යාල විවෘත කරන දිනය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවයි. මෙම ආචාර්‍ය වරුන්ගේ වැඩ වර්ජනය ආරම්භ වූයේ ජූලි 4 දිනයි. මෙහි දී පඩි වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත මෙම වර්ජනය ආරම්භ වූ අතර එය විශ්ව විද්‍යාල පද්ධතියේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට හේතු වී ඇත.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...