මේ මස 18 වැනිදා ආරම්භවන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 1,000,000 ක් හෙවත් කෝටි 13 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමේ.
තරගාවලියේ මූලික වටයේදී ජයගන්නා සෑම අවස්ථාවකදීද කණ්ඩායමකට ප‍්‍රසාද ත්‍යාග මුදලක් පිරිනැමෙන අතර කිසියම් කණ්ඩායමක් අපරාජිතව තරගාවලිය නිම කිරීමට සමත් වුවහොත් ඩොලර් මිලියන 1.4 කට වැඩි මුදලක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් වශයෙන් එම කණ්ඩායමට හිමිවේ.
අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 500,000 ක් හෙවත් කෝටි 6.5 කට අධික මුදලක් පිරිනැමෙන අතර අවසන් පුර්ව වටයේදී පරාජය ලබන කණ්ඩායම් සඳහා පිරිනැමෙන මුදල ඇමරිකානු ඩොලර් 250,000 කි. සුපිරි අට වටයේ සහ කාණ්ඩ ජය ගන්නා කණ්ඩායම් වලට හිමිවන ත්‍යාග මුදල ඩොලර් 42,000 ක් වන අතර මූලික වටයේදී ජයගන්නා කණ්ඩායමකට හිමි ප‍්‍රසාද ත්‍යාග මුදල ඩොලර් 20,500 කි.
කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 60,000 ක් හෙවත් ලක්‍ෂ 80 කට ආසන්න මුදලක් පිරිනැමේ.