Wednesday , 22 January 2025

වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධ කල පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයි

“වැලිවේරියට හමුදාව යැවුවේ මම” – “I sent troops to Weliweriya”

කොළඹ 7, අංක 101 රොස්මිඩ් පෙදෙසේ පිහිටි Ceylon Newspapers (Pvt) Ltd. (CNL) සමාගමට අයිති Ceylon Today පුවත්පත 2013 අගෝස්තු 5 දින සිය සිරස්තල යටතේ බොදු බල සේනා මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කළා යැයි “I sent troops to Weliweriya” (වැලිවේරියට හමුදාව යැවුවේ මම) නමින් පලකල හා ඉන්ටෙර්නෙට් හරහා එම පුවත්පතේwww.ceylontoday.lk හා www.mawbima.lk වෙබ් අඩවි මගින්ද ප්‍රසිද්ධ කල පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හා එම පුවත සඳහා ඉදිරිපත් කල සිරස්තලය සම්පුර්ණයෙන්ම සාවධ්‍ය බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරයි.

මෙම ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා රජය, ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂක හමුදාව ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව බොදු බල සේනා ප්‍රකාශ කරන අතර මෙම සමාගමට අයිති ” මවුබිම” පුවත්පතද අවස්ථා කිහිපයකදී බොදු බල සේනා මෙන්ම නව ජාතික පුනරුද ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා කටයුතු කල බව බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙම කුමන්ත්‍රණ පිලිබඳ සැබෑ තතු හෙළි කරන විශේෂ මාධ්‍ය සාකච්ජාවක් 2013 අගෝස්තු 6අඟහරුවාදා උදේ 10ට තුන්මුල්ලේ පිහිටි බොදු බල සේනා කාර්යාලයේදී පැවැත්වේ.
දිලන්ත විතානගේ – ප්‍රධාන විධායක නිලධාරී – බොදු බල සේනා මුලස්ථානය
Dilanthe Withanage – Chief Executive Officer- Bodu Bala Sena Headquarters

Contact us
(0773218677, 0719766866)
info@bodubalasena.org
bodubalasena.org

==========================================

Bodu Bala Sena categorically rejects and denies the news headline “I sent troops to Weliweriya” published on 5 August 2013 by CeylonToday Newspaper & it’s websiteswww.ceylontoday.lk and www.mawbima.lk owned by Ceylon Newspapers (Pvt) Ltd. (CNL) of No. 101, Rosmead Place, Colombo 7. It clearly gives the impression that Secretary General of Bodu Bala Sena , Ven Galagodaaththe Gnanasara Thero had sent troops to Weliweriya .

Bodu Bala Sena would like to highlight that this news is a result of the conspiracy to tarnish the image of the Sri Lankan Government, Ministry of Defence and the Security Forces locally and internationally. We have the evidence of attempts by “Mawubima” newspaper on earlier occasions to destroy the good image and credibility of Bodu Bala Sena and the New National Movement

A Special Press Conference will be held at 10 am on 6th August 2013 ( Tuesday) at the Bodu Bala Sena Office, Thunmulla to expose this conspiracy

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...