වෛද්‍ය පීඨ සිසුවා ගෙළ වැළලා ගෙන නසී

ගෙළ වැළලා ගෙන මියගොස් සිටි වෛද්‍ය පීඨ සිසුවෙකුගේ මළ සිරුරක් වව්නියාව, උක්කුලාන් කලම් ප්‍රදේශයේදී (28) දා හමුවී ඇත. මරණයට පත්ව ඇත්තේ මුලතිව් පුදුකුඩිරිප්පු හි පදිංචිකරුවෙකු වන 21 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය අය උසස් පෙළ විභාගයට පෙනී සිට මුලතිව් දිස්ත්‍රිකයෙන් දෙවෙනියා ලෙස සමත්ව ඇතැයිද පසුව වෛද්‍ය පීඨයට තේරී ඇති අතර අධ්‍යයන කටයුතු ආරම්භ වනතෙක් වව්නියාව උක්කුලාන්කුළම් ප්‍රදේශයට පැමිණ පදිංචි වී සිටි බවද පොලිසිය කියයි. මෙය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය කියයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...