වෛද්‍ය සභාවේ අනුමැතිය නැති හොර වෙදුන්ට වැඩ වරදි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති නීති රීතිවලට අනුව සුදුසුකම් සපුරා නොමැති විදේශීය වෛද්‍යවරයෙකු මෙරට පෞද්ගලික රෝහලකට පැමිණ රෝගී සත්කාරක සේවාවන්හි යෙදීම නීත්‍යානුකූල නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එය බරපතල වරදක් බව පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යංශය, සුදුසුකම් නොමැති පුද්ගලයෙකු රෝගී සත්කාරක සෙවාවන්හි යෙදීම නීත්‍යානුකූල නොවන බවට තිබෙන රාජ්‍ය ප්‍රතිපත්තිය තරයේ ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවයේ යෙදී ඇතැයි කියන ඇතැම් විදේශ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව සැකයක් ඇත්නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.‍

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකසා ඇති නීතිමය තත්ත්වයන් අනුගමනය නොකර වෛද්‍ය සේවාවේ යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...