14.8 C
London
Friday, May 23, 2025
spot_img

ශකීරාගේ පෙම්වතා දෙසැම්බර් මෝඩයන් රවටයි

පොප් ගායිකා ශකීරා ගේ පලමු දරුවා බිහිවූ බවට ට්විටර් පණිවුඩයක් මගින් ෆුට්බෝල් ක‍්‍රීඩක ජෙරාඞ් පික් රසිකයන් රවටා ඇත.

ස්පාඤ්ඤ භාෂාවෙන් ඔහු ට්විටර් පිටුවේ ලියා ඇත්තේ ‘‘ අපේ පුතා ඉපදුනා. අපට ඉතාම සතුටුයි. ඔබගේ සියළු පණිවුඩ වලට ස්තුතියි’’. යනුවෙනි.

එකිනෙකාට විහිළු කරන අපේ‍්‍රල් මෝඩයන්ගේ දිනයේ ලතින් ඇමරිකානු ආකාරය වන දිනයේ මෙම පණිවුඩය නිකුත් කරන ලද බව බොහෝ පාඨකයෝ අවබෝධ කර නොගත්හ. යුවලට දරුවෙක් ලැබී ඇතැයි යන වැරදි පණිවුඩය නිකුත් කරමින් මාධ්‍ය විසින් මෙම පුවත ප‍්‍රචාරය කරන ලදී.

ලෝකය අවුල් සහගත වූ බව තේරුම් ගත් පික් නැවත තම පිටුවේ ලියා තිබුනේ ‘ඔහුට නමක් ඇත. එනම් ඉනසන්ට් (අහිංසක) ය. සියළු දෙනාටම ශුභ අහිංසකයන්ගේ දිනයක් වේවා’ යනුවෙනි.

කොලොම්බියාවේ උපත ලද ශකිරා තමන් ගර්භනී බව සැප්තැම්බරයේ තහවුරු කලාය. ඉක්මනින්ම ඒ බව දැක්වෙන ඡයාරූප හා සොනෝග‍්‍රෑම් රුවක්ද අන්තර්ජාලයට එක් කර තිබුණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles