ශ්‍රී ලංකාවට එරෙහිව යළි යෝජනාවක් – අමෙරිකාව තහවුරු කරයි January 28, 2013 Comments Off on ශ්‍රී ලංකාවට එරෙහිව යළි යෝජනාවක් – අමෙරිකාව තහවුරු කරයි 3 Views එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට අදාළව නව යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී තිබුණු යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පොරොන්දුවූ පරිදි ක්‍රියා කිරීමට පෙළඹවීමේ අභිප්‍රායෙන් මෙම යෝජනාව ගෙන එන බව මෙරටට පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසා ඇත. ඒ අනුව මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයේදී මෙම ක්‍රියාපටිපාටිමය යෝජනාව ඉදිරිපත් කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ජේම්ස් මොරේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. 2012 වසරේදී මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ශ්‍රී ලංකාවට අදාළව එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ යෝජනාවෙන් පසු ශ්‍රී ලංකාවේ යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව හෙතෙම එහිදී සිහිපත් කළේය. එසේ වුවද මීට වඩා යම් කාර්ය භාර්යයක් ඉටුකළ හැකිව පවතින බව තම වොෂිංටන් පාලනය විශ්වාස කරන බව ඔහු කියා සිටියේය. එක්සත් ජනපදය සහ රටවල් 23 ක් 2012 දී ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් බවත්, ශ්‍රී ලංකාව තම පුරවැසියන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුව ඇති බව දැඩිව විශ්වාස කරන බව ඔහු පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම පිළිබඳව අමෙරිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇති බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල නිලධාරීන්ට පුහුණුව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයිද විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. මෙරට අධිකරණ දෙකකින් නීති විරෝධී බව හා ව්‍යවස්ථාවට පටහැණි බව පෙන්වාදී තිබියදීත් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එනු ලැබූ දෝෂාභියෝගය පිළිබඳවද මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත ඇතුළත්ව ඇති බව ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් වික්‍රම් සිං එහිදී වැඩිදුරටත් කියා සිටියේය. Share featured Latest slider 2013-01-28 ceylonradio Share Facebook Twitter Google + Pinterest