ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඇමරිකානු කොංග්‍ර​ස් සභාවට

0
118

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක්‌ ඇමරිකානු කොංග්‍රස්‌ සභිකයන් හත්දෙනකු විසින් ඇමරිකානු කොංග්‍රස්‌ සභාවට ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාව තුළින් කරුණු හතක්‌ ඉටු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

වන්නි මෙහෙයුමේදී සිදුවූ යුද අපරාධ සම්බන්ධව ජාත්‍යන්තර කොමිසමක්‌ පත් කිරීමට එකඟ වීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් වෙත ප්‍රවිෂ්ටවීමේ ඉඩකඩ දීම යන කරුණු ඉන් මුල්තැන ගෙන ඇත.

කොංග්‍රස්‌ සභිකයන් 450 ක්‌ සිටින ඇමරිකානු කොංග්‍රස්‌ සභාව වෙත ඉදිරිපත් වූ මේ යෝජනාව අංක 177 ලෙස හඳුන්වා තිබේ.

මෙකී ඇමෙරිකානු යෝජනාව පසුපස සිටින්නේ ඇමරිකානු කොටි ජාලය යෑයි හෙළි වී ඇත.