එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකීය මහ කොමසාරිස් ආචාර්‍ය Chris Nonis, සාමි මන්ත්‍රී මණ්ඩලයේ Cholomondelay මැදිරියේ දී පැවත් වූ මධ්‍යාහ්න භෝජන හමුවක දී සංචාරක ව්‍යාපාර ශ්‍රේණිය වෙත, 2009 මැයි මාසයේ දී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථිකය, සමාජ පුනරුත්ථාපනය, යළි ඉදි කිරීම් සහ සමඟිසන්ධානය යන අංශ සඳහා තැබූ ඉදිරි පියවර පිළිබඳ සංක්‍ෂිප්ත පැහදිලි කිරීමක් සිදු කළා.
ඔහු පවසා සිටියේ යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදයේ සිදු වන මෙම සංවර්ධන ක්‍රියාදාමයේ එක් ප්‍රතිලාභයක් නම් එක්සත් රාජධානිය ඇතුළු රටවලින් පැමිණෙන විදේශ සංචාරකයින්ගේ පමිණීමේ සිදු වී ඇති සැළකිය යුතු වැඩි වීම බවයි. මෙය සංචාරක ක්‍ෂේත්‍රයේ ඇති වී ඇති දියුණුව සනිටුහන් කරයි.
රාජවංශිකයින්, ප්‍රභූවරුන්, මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ අනෙකුත් වැදගත් පිරිසකගෙන් සමන්විත වූ සභාවෙන් Chris Nonis මහතා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට ගොස් මෙම අපූර්ව සංවර්ධනය සහ ඉන් හෝටල් සහ සංචාරක ක්‍ෂේත්‍රය ඇතුළු අනෙකුත් අංශ වල ආයෝජනය කිරීම සඳහා කාර්‍යශ්‍රීලී විදේශ ආයෝජකයින් වෙත දොරඟුළු ඇරී ඇති අයුරු ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැක ගන්නා ලෙසයි.
මහ කොමසාරිස් ආචාර්‍ය Chris Nonis ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සියලුම අංශ වෙත ප්‍රතිලාභ සළසමින් මෙම සංවර්ධන ක්‍රියාදාමයේ ක්‍රියාශීලී ලෙස නිරත වන නමුත් බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් රටවල වාසය කරන්නා වූ සුළු ශ්‍රී ලාංකිකයින් කොටසක් තවමත් ගැටුම් වල නිරත වන අතර දැයට සෞභාග්‍ය සහ සාමය ගෙන දීමේ ශ්‍රී ලාංකීය වැඩ පිළිවෙල සම්බන්ධව වැරදි තොරතුරු සපයන බවයි.
