ශ්‍රී ලංකාවෙන් ජපානයට ආයුර්වේද ප්‍රතිකාර

ජපානය තුළ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500 ක් පිහිටුවීම සඳහා පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා මෙරට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහ සම්බාහකයින්ගේ සේවය ලබා ගැනීමටද තීරණය කර ඇත.

පසුගියදා දිවයිනට පැමිණි ජපාන නියෝජිත පිරිසක් සහ දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය විය.

මීට අමතරව ජපන් ජාතිකයන්ට මෙරට තුළ ආයුර්වේද පුහුණු පාඨමාලා මධ්‍යස්ථාන ආරම්භ කිරීමටද සැලසුම්කර ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...