Wednesday , 12 February 2025

ශ්‍රී ලංකාවේ උපතලැබූ ඇමරිකන් නියමුවා මරුට

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමරිකා ගුවන් හමුදාවේ සේවය කළ එහි ප්‍රධාන බලයලත් නිලධාරී සුරේෂ් එන්.ඒ.කෘසේ ඇෆ්ගනිස්ථාන මෙහෙයුමකදී සඳුදා රාත්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන කඩාවැටීමෙන් සුරේෂ් ඇතුළු ඇමරිකා හමුදා නිලධාරීන් හත් දෙනකු, ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක හමුදාවේ තිදෙනකු සහ සිවිල් වැසියකු  දෙනකු ද මියගොස් ඇතැයි ඇමරිකා හමුදාව පවසයි. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී වෙඩි තබා හෙලිකොප්ටරය බිම දැමූවේයැයි තලෙයිබාන් සටන්කාමීන් ප්‍රකාශ කළ ද ඇමරිකාව පවසන්නේ යානයේ අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. මියයන විට 29 හැවිරිදි වියේ පසුවූ සුරේස් 2007 පෙබරවාරි 01 දා ඇමරිකා හමුදාවට එක්ව 2009 ජුනි 22 දා සිට බ්ලැක් හෝක් ගුවන් නියමුවෙකු වූවේය.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...