ශ්‍රී ලංකාවේ කාර් වෙළඳපල අල්ලන්නට දැවැන්ත චීන සමාගමක් එයි October 31, 2012 Comments Off on ශ්‍රී ලංකාවේ කාර් වෙළඳපල අල්ලන්නට දැවැන්ත චීන සමාගමක් එයි 8 Views ස්වීඩනයේ වොල්වෝ මෝටර් රථ සමාගමේ සියයට සීයයක් පූර්ණ හිමිකාරත්වය දරණ සහ තෙවැනි විශාලතම චීන මෝටර් රථ සමාගම වන ජීලි (Geely) ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් වේ. ලෝකයේ දැවැන්ත මෝටර් රථ කර්මාන්තයේ නියැලූණු බහු ජාතික සමාගමක් ශ්‍රී ලංකාවට ඇතුළු වූ පළමුවන වතාව මෙයයි. ජීලි සමාගම ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ සමාගමේ බද්ධ ව්‍යාපාරයක් වශයෙනි. ජීලි අධ්‍යක්‍ෂ මාටින් සියෑන් මහතා මෙසේ අදහස් දක්වයි. ‘‘ජීලි වෙළඳ නාමය චීන මෝටර් රථ නිෂ්පාදකයන් අතර ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳ නාමයක්. අප තුන්වන විශාලතම චීන මෝටර් රථ නිෂ්පාදකයන් වන අතර, චීන වෙළෙඳපොළේ හත්වැනි විශාලතම මෝටර් රථ අලවිකරු වන්නේද අපයි. චීනය හැරෙන්නට රුසියාව, යුක්රේනය හා ඊජිප්තුවේ අපගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා පිහිටුවා තිබෙනවා. අප තීරණය කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා මයික්‍රෝ මෝටර් රථ සමාගම සමග බද්ධ ව්‍යාපාරයකටයි. දකුණු ආසියාව තුළ ලංකාව සංවර්ධනය වෙමින් පැවතීම යන සාධක අපගේ සමාගමට ඉතා ආකර්ෂණීයයි. අපගේ ලංකා ජීලි මෝටර් රථ නිෂ්පාදන ආසියාතික රටවලට අපනයනය කිරීමට අප සැලසුම් කරනවා. මෙම බද්ධ ව්‍යාපාරයේ මූලික ආයෝජනය ඩොලර් මිලියන 20 වන අතර එය සම සමව මයික්‍රෝ මෝටර් රථ සමාගම සමග බෙදා ගන්නවා.’’ Share featured Latest slider 2012-10-31 ceylonradio Share Facebook Twitter Google + Pinterest