19.2 C
London
Monday, May 19, 2025
spot_img

ශ්‍රී ලංකාවේ ප්‍ර​ථම අයිපෑඞ් සංගීත කණ්ඩායම නිවුන් සොයුරන් සිවුදෙනෙකුගෙන්

ලංකාවේ ප්‍ර​ථම අයිපෑඞ් සංගීත කණ්ඩායම වයස අවුරුදු දාහතේ නිවුන් සොයුරන් සිව්දෙනෙක් එළි දක්වා තිබේ. මෙය ලංකාවේ කිසිදු සංගීත භාණ්ඩයක් නොමැති ව සංගීතය සපයන්නා වූ නවතම ක‍්‍රමවේදයකි. සියල්ල ම තාක්ෂණය හා නව නිපැයුම් හරහා මෙම කටයුත්ත කර ඇත.

සත්තර තනුවේ හඬ මුසුව නින්නාදය වන ආකාරයට මෙම සංගීත හඬ සකස් කර ඇත්තේ උපරිම තාක්ෂණය සොයා යන අපේ දරු පරපුර පාසල් සිසුන් නියෝජනය කරමිනි. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ඉගෙනුම ලබන පවුල් දෙකක නිවුන් සහෝදරයන් සිව් දෙනෙකු විසින් මෙම නවතම අයිපෑඞ් සංගීත කණ්ඩායම එළි දක්වා ඇත.

ඔවුන් දැනට 12 වන වසරේ ඉගෙනුම ලබන අතර 2014 දී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වේ. රිච්මන්ඞ් විද්‍යාලයේ විදුහල්පති ඊ. එම්. එස්. ඒකනායක මහතාගේ අධීක්ෂණය මත තොරතුරු තාක්ෂණ අංශයේ හා විද්‍යාලය ගුරුවරුන්ගේ ද ආශිර්වාදයෙන් මෙම සංගීත කණ්ඩායම බිහිවී ඇත.

ඕගන්, ගිටාර්, ඩ‍්‍රම්ස් හා බොහෝ වාදන භාණ්ඩ මේ සඳහා උපකාරී කරගෙන නවතම ඉසව්වක් කරා සංගීතයේ නිම් වළලූ පුළුල් කරමින් සිත ආනන්දනීය බවට පත් කිරීමට නවතම සංගීත කණ්ඩායම බිහි කර තිබේ.

සංගීත මෘදුකාංගවලින් එකී සංගීත හඬ බාගත කිරීමෙන් හා තවත් නවතම තාක්ෂණ ක‍්‍රමවේදයක් මඟින් මෙම නවතම අයිපෑඞ් සංගීත ක‍්‍රමවේදය සකසා ඇති බව අපේ කාලයේ ළමා පාසල් පරපුරේ නිවුන් සංගීත කණ්ඩායම පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles