12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ශ්‍රී ලංකාවේ සමුළුවට මහ රැජින නෑ

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය මහ රැජින සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

මෙම වසරේ නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට දෙවන එළිසබෙත් මහ රැජින 1973 වසරෙන් පසු සහභාගී නොවන පළමු අවස්ථාව මෙය බව බකිංහැම් මාළිගය Sky News මාධ්‍යට තහවුරු කර තිබේ.

දෙවෙනි එළිසබෙත් මහ රැජින වෙනුවට ශ්‍රී ලංකාවට චාර්ල්ස් කුමරු පැමිණීමට නියමිත බව සඳහන්ය.

කෙසේ වෙතත් බකිංහැම් මාළිගය පෙන්වාදී ඇත්තේ මහ රැජිනගේ බලතල ස්වකීය පුතුට ලබාදීමක් මෙයින් සංකේතවත් කෙරෙන බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles