13.5 C
London
Friday, April 25, 2025
spot_img

ශ්‍රී ලංකාව ගැන තොරතුරු දැන ගැනීමට ඩිජිටල් සිතියම්

ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂිත තොරතුරු ජනතාවට ලබා දීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇති බැව් එම ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ සඳහන් අන්දමට මේ වන විට සාමාන්‍ය ආකාරයට සකස්‌ කළ ලිපි ලේඛන මෙන්ම සංඛ්‍යාලේඛන ඔස්‌සේ සිදු කරන පැහැදිලි කිරීම් සඳහා ඉදිරියේ දී මේ ඩිජිටල් සිතියම් භාවිත කිරීමට නියමිත ය. මීට අදාළ එකඟතාවට එළඹීමේ සාකච්ඡාව මිනුම්පති එස්‌. එම්. ඩබ්ලිව්. ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර යන මහත්වරුන් දෙපළ අතර පසුගිය දා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දී සිදු විය.
මේ සඳහා එකට පනස්‌ දහසේ පරිමාවට සකස්‌ කළ ශ්‍රී ලංකාවේ මංමාවත්, ගංගා ඇළ දොළ, ග්‍රාමසේවා වසම්, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ ආදියේ ඩිජිටල් සිතියම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වෙත ලබා දීම මෙදින සිදු විය. සිතියම්ගත කිරීම මත විශේෂිත තොරතුරු මූලාශ්‍ර අන්තර්ගත කිරීමෙන් පසු එම සිතියම් මධ්‍යගත තොරතුරු පද්ධතියට එක්‌ කිරීමට නියමිත ය. ජාතික මට්‌ටමේ සංවර්ධන සැලසුම් සකස්‌ කිරීම මෙන්ම රටේ සමාජීය ආර්ථික සෞඛ්‍ය කෘෂි කාර්මික ආදී ක්‍ෂෙත්‍රයන් පිළිබඳ ඉතා නිවැරැදි සහ පැහැදිලි තීන්දු තීරණවලට එළඹීමට මෙය රුකුලක්‌ වන බව ද එහි සඳහන් වෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles