19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ශ්‍රී ලංකාව හා චීනය ඉන්දියාවට තර්ජනයක්

ශ්‍රී ලංකාව සහ චීනය සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඩී.එම්.කේ පක්ෂයේ නායක එම් කරුණානිධි පවසයි.

ලබන 12 වන දින පැවැත්වීමට නියමිත ඊළාම් හිතවාදී ටෙසෝ සමුළුවේදී ‍ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ඔහු සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කරුණානිධි මේ පිළිබඳ පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව, චීනයේ යුධ ආධාර ලබා ගැනීම හේතුවෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව කරුණානිධි පවසයි.

දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම ටෙසෝ සමුළුව සංවිධානය කර ඇති අතර ඊ‍ට සහභාගී වන පිරිස් වෙත සමුළුවේ න්‍යාය පත්‍රය දැනුම් දී ඇතැයි ද සඳහන්ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles