13.8 C
London
Tuesday, April 29, 2025
spot_img

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති

ලන්ඩනයේදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාව තමන් සහභාගි වූ ඉසව්වල මූලික වටයෙන්ම පරාජයට පත්වූහ. එසේ වුවත් මලල ක්‍රීඩක ප‍්‍රදීප් සංජය පතිරණගේ කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ලන්ඩනයට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රජිව් වික‍්‍රමසිංහ මහතා ”ලංකාදීප”යට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (4 වැනිදා) මීටර් 400 පිරිමි එක් අතක් අප‍්‍රාණික ඉසව්වේ මූලික වටයට තරග වදියි.
ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෝ දෙදෙනාත් ඊයේ මූලික වටයෙන්ම පරාජයට පත්වූහ.
ගාමිණි දිසානායක ලකුණු 6-4, 6-0 ලෙස පරාජයට පත්වූයේ ප‍්‍රංශයේ ෆ්‍රෙඞ්රික් කැතනියෝටය. දෙවැනි වටයේදී කිසිදු ලකුණක් ලබා නොදී විනාඩි 20 ක් තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩකයා පරාජය කිරීමට ප‍්‍රංශ ක්‍රීඩකයා සමත් විය.
ස්පාඤ්ඤ ක්‍රීඩක ඩැනියල් ආර්සෝලාට ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩක උපාලි රාජකරුණා පරාජය වූයේ ලකුණු 6-1, 6-2 කටය.
ටෙනිස් (පිරිමි යුගළ) ඉසව් සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ තරග වැදීමට නියමිතව සිටියහ.
මේ අතර මීටර 200 පිරිමි (අතක් අප‍්‍රාණික) ඉසව්වේ මූලික වටයේදී පරාජයට පත්වූ ප‍්‍රදීප් සංජය පතිරණගේ ක්‍රීඩකයන් 20 දෙනකු අතරින් 16 වැනි ස්ථානය ලබා ගත්තේ තත්පර 23.40 කටය.
ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක දුමීර මධුරංග අල්විස් මීටර 5.56 ක් දුර පනිමින් 9 වැනි ස්ථානය ලබද්දී එම ඉසව්වේ රන් පදක්කම ජර්මනියේ මාර්කස් රියම් දිනා ගත්තේ මීටර 7.35 ක දුරක් පනිමිනි.
දුමීර මධුරංග මීටර 200 පිරිමි (අතක් අප‍්‍රාණික) ඉසව්වටද තරග වැදුණු අතර එහිදී ඔහු 18 වැනි ස්ථානයට පත්ව සිටියේය.
මීටර 200 මූලික වටයේ හොඳම දක්‍ෂතාවය ප‍්‍රදර්ශනය කළ දකුණු අප‍්‍රිකානු ක්‍රීඩක ඔස්කා පිස්ටෝරිස් නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් තරගය තත්පර 21.30 කට නිමා කළේය.
ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක ලෙස්ලි කුමාර ලියනගේ අද සිය ඉසව්වට තරගවැදීමට නියමිතය. වසර 2006 පැවැති පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝඩක පදක්කමක් දිනා ගැනීම ඔහුගේ මෙතෙක් හොඳම දස්කමයි.
ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අමරා ඉන්දුමතී කරුණාතිලක මීටර 200 කාන්තා (වැලමිටෙන් පහළ අහිමි කාණ්ඩයෙන්) තරග වැදී ක්‍රීඩිකාවන් 12 දෙනකු අතරින් 10 වැනි ස්ථානයට පත්වූයේ තත්පර 29.36 කටය. ඒ අනුව මූලික වටයෙන්ම ඇයටත් තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
මේ අතර ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී චීනය පෙරමුණ ගනිමින් රන් පදක්කම් 27 ක් දිනා ගනිමින් ඊයේ දිනය නිමාවන විට රටවල් 165 ක් අතරින් ඉහළම දස්කම් දක්වා තිබුණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles