19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ශ්‍රී ලංකා තේ ලෝක උරුමයක් වෙන්න යයි

ලෝක උරුමයක් ලෙස ශ්‍රී ලංකා තේ නම් කිරීමට සැලැසුම් කරන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සී.ජේ. සමරසිංහ මහතා පවසයි.

ඉංගී‍්‍රසි පාලන සමයේ බි‍්‍රතාන්‍ය ජාතික ජේම්ස් ටේලර් විසින් 1860 වසරේ ආරම්භ කළ මෙරට තේ වගාව ඉතා කෙටි කාලයකදී වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත වූ අතර ලෝක වෙළෙඳ පොළේ අද වන විට ඇත්තේ ඉහළ පිළිගැනීමකි.

තේ වගාව සම්බන්ධයෙන් මෙරට විශේෂ සංස්කෘතියක් ද බිහිවී තිබීමද දැකගත හැකිය.

ඒ කරුණු සලකා තේ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට අදාළ යෝජනා මාලාව සැකැසෙමින් පවතින බවත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව වෙත යොමු කරන බවත් අතිරේක ලේකම්වරයා පැවැසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles