22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය පරාජය කරති

දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (07) ශ්‍රී ලංකා පිල ගෝල 4-0 කින් භූතානය පරාජය කිරීමට සමත් විය. මෙම තරගය දිනයේ දෙවැනි තරගය ලෙස කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගෝල 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිලක්‍ෂිකා කුමාරි, මනීෂා නිලිනි, චලනි කුමාරි සහ ප්‍රවීනා මධුකි ගෝල එකතු කිරීමට සමත් වූහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles