11.3 C
London
Friday, May 16, 2025
spot_img

ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය – ඇමරිකා තානාපතිනි

රජය විසින් කි‍්‍රයාත්මක කළ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක ලෙස අවසන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ප‍්‍රසාදය පළ කරන බව ඇමරිකානු තානාපතිනි මිෂෙලි ජේ. සිසන් මහත්මිය ප‍්‍රකාශ කළාය.

ඇය මෙම අදහස් පළ කර සිටියේ නැවත පදිංචිකිරීමේ වැඩසටහන අවසන් කිරීමත් සමඟ ඉදිරියේදී එම ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය එම්.එච්. ගුණරත්න වීරකෝන් මහතා සහ නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනායගමුර්ති මුරලිදරන් මහතා සමඟ (09) පැවති විශේෂ සාකච්ජාවකට එක්වෙමිනි.

නැවත පදිංචි කිරීමේ රජයේ ප‍්‍රතිපත්තිය මනා සැලසුමක් හා කළමනාකරණයක් ඇතිව කි‍්‍රයාත්මක කළ බවත් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ ජනජීවිතය නැංවීමට අවශ්‍ය කටයුතු කි‍්‍රයාත්මක කළ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉදිරියේදීත් ඔවුනට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

සරණාගතයින් වශයෙන් විදෙස්ගත වූ පිරිස් ද නැවත පදිංචි වීම සඳහා පැමිණෙමින් සිටින අතර ඔවුන් නැවත පදිංචි කිරීම ද සිදු කෙරෙමින් පවතී. නැවත පදිංචි කිරීම අවසන් කිරීමත් සමඟ ඔවුන්ගේ ජන ජීවිතය නංවාලමින් ඔවුන් රටේ ජාතික ආර්ථිකය හා සම්බන්ධ කරලීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
නැවත පදිංචි වූ ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීමට ඇමරිකානු රජයේ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ඇමරිකානු තානාපතිනි මිෂෙලි ජේ. සිසන් මහත්මිය මෙහිදී අමාත්‍යවරයාට පැවසුවාය.

මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම් ජනක සුගතදාස, ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ජේම්ස් එෆ්. බෙන්ඩර්, ඇමරිකානු තානාපති කාර්යාලයේ අවතැන්වූවන් පිළිබඳ කලාපීය සම්බන්ධීකාරක අමන්ඩා එස්. ජොකොබ්සන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles