19.2 C
London
Monday, May 19, 2025
spot_img

ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව දෙන්න එපා – ජයලලිතා මංමෝහන් සිංට කියයි

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා නිලධාරීන්ට ඉන්දියාවේ ලබාදෙන පුහුණුව නතර කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් යළිත් වරක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබේ.

ඊයේ (16) දින අදාළ ලිපිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට මේ දිනවල ලබාදෙන පුහුණුව ද නතර කළ යුතු බව ජයලලිතා ජයරාම් පවසා තිබේ.

ඉන්දියාවේ දී කිසිදු ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ නිලධාරියෙකුට පුහුණුවීම් ලබානොදිය යුතු බව ඇය පෙන්වා දෙයි.

මීට පෙර ද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට පහරදෙන බවට පලවන වාර්තා අසත්‍ය බව තමිල්නාඩු රජය පවසයි.

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාව පහරදුන් බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බව තමිල්නාඩු ධීවර අමාත්‍ය කේ.ඒ.ජයපාල් පවසා ඇත.

පසුගියදා කච්චතිව් දූපත ආසන්නයේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාව පහරදුන් බවට මාධ්‍ය වාර්තා කළේය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදි එම වාර්තා අසත්‍ය බව තහවුරු වු බව තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා පෙන්වා දි ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles