ශ්‍රී ලාංකිකයා ඉතාලි වීදියක මරුට

0
125

ඉතාලියේ මෙසීනා නුවර මිලස්සෝ පෙදෙසේ රොතෙල්ලෝ පාරේදී හතළිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ලේ විලක් මැද මැරී සිටි බව ඉතාලි පොලිසිය කියයි. ගංගාවක්ද පිහිටි එම දැකුම්කළු පෙදෙසේ අවන්හල්වලට සවස් කාලයේ රෝස මල් විකිණීමට ගිය මෙම ශ්‍රී ලාංකිකයාගේ මරණය අබිරහසකි. ඔහු කාගේ කවුදැයි පොලිසියද නොදනී. හඳුනා ගැනීම සඳහා කිසිම ලියැවිල්ලක් ඔහු ළඟ නොවීය. සිරුර මැමෙර්තිනෝ රෝහලේ තබා ඇත. මේ අපරාධයේ සුළමුල සොයා පොලිසිය එම පෙදෙසේ පදිංචි සංක‍්‍රමනිකයන්ගෙන් ප‍්‍රශ්න කැරගෙන යයි.