ශ්‍රී ලාංකීය තරුණියකගේ ජපන් සිනමාවතරණය – The Final Judgement.

ශ්‍රී ලාංකීය නිළියක වන උමාලි තිලකරත්න නම් සොඳුරු යුවතිය විසින් ප්‍රධාන චරිතය නිරූපනය කරන Final Judgement නැමති ජපන් චිත්‍රපටය ළඟදීම ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිතය. මෙය මෙරට නිළියක ජපානයේ චිත්‍රපටයක චරිතයකට පෙනී සිටින ප්‍රථම අවස්‌ථාව ලෙස වාර්තා ගත වනු ඇත. නුදුරු අනාගතයේදී ජපානයට සිදුවිය හැකි අනතුරක්‌ පිළිබඳ කතාවක් මෙම චිත්‍රපට පාදකවී ඇත. ඒ ඕරාන් නමැති මනඃකල්පිත රාජ්‍යය විසින් ජපානය ආක්‍රමණය කර සිය අණසක පතුරුවා හැරීම සිදුවෙයි. ඒ අනුව ඕරාන් හමුදාව විසින් ජපානය පාලනය කරනු ලබයි. ජපන් ජාතිකයන් කිසිවකුට ඕරාන් පාලනය යටතේ කිසිදු ආගමක්‌ ඇදහීමට අවසර ලබා නොදෙන අතර ආගම යනු රටක ප්‍රශ්න ඇති කිරීමේ මූලික හේතුවක්‌ බව පවස හමුදා පාලකයන් විසින් ජපානය තුළ බෞද්ධ, ක්‍රිස්‌තියානි, ඉස්‌ලාම්, හින්දු ආදී සියලුම ආගම් තහනමට ලක් කරයි. මෙමගින් ජපන් ජාතිකයන් රහසේ තම තමන්ගේ ආගම් ඇදහීමට පෙළඹෙන අතර රහසේ ආගම අදහමින් සිටි නිවසකට කඩා පනින ඕරාන් හමුදාව යාච්ඥ කරමින් සිටි ස්ත්‍රියක් හා පුරුෂයකු වෙඩි තබා ඝාතනය කරති. ඝාතනයට ලක්වූ දොදනාගේ කුඩා දියණිය ඕරාන් හමුදාව විසින් පැහැරගෙන යන අතර පසුව ඇය ඕරාන් හමුදා පාලකයා විසින් හදා වඩා ගනී. ඕරාන් ජාතික තරුණියක බවට පත්වන ඇය ලීන් නමින් හැඳින්වේ. ලීන් ලෙස මෙම චිත්‍රපටයේ රඟපාන්නේ ශ්‍රී ලංකාවේ නිළි උමාලි තිලකරත්නය. ජපානයේ තරුණයකු වන ෂෝගෝ පත්ව ඇති ව්‍යසනයෙන් ජපානය මුදවා ගැනීමට පෙරට පැමිණෙන අතර සතුරු ඕරාන් හමුදා පාලකගේ දියණියක සේ හැදී වැඩෙන ලීන් සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කර ගනී. ඉන්පසුව සිදුවන ත්‍රාසජනක සිදුවීම් සමුදාය නැරඹීම ඔබට බාරය. කෙසේ වුවද මෙහි ලීන් නැමති තරුණිය ලෙස රඟපාන උමාලි තිලකරත්නගේ රංඟන හැකියාව ඉතා විශිෂ්ට බව චිත්‍රපට විචාරකයන්ගේ අදහසවී ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...