13.5 C
London
Friday, April 25, 2025
spot_img

ශාරුක් මෙතෙක් වසන් කරගෙන සිටි රහසක් – තුන්වැනි පුතා ඥාති සොහොයුරියකගේලු.

ඉන්දීය මාධ්‍ය තුළ ලොකු ප්‍රචාරයක්… බොලිවුඩ් පුරයේ කීං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ටත් ඔහුගේ ආදර බිරිය ගෞරීටත් පුතකු සහ දුවකු සිටින බව මුළු ලොවම සිනමා රසිකයන් දැන සිටියා. දැන් තුන්වැන්නෙකුත් එකතු වෙලා. ශාරුක් – ගෞරී යුවළ තුන්වැනි වතාවටත් මව්පිය පදවි ලැබුවේ පුතකු ලද නිසාය. මේ පුතාගේ නම ඒබ්‍රහම්. මේ බිලිඳා මෙලොව එළිය දකින්නට කලින් නොයෙක් මාදිලියේ ආරංචි පැතිරී ගියා.  ශාරුක් – ගෞරී යුවළ තුන්වැනි වතාවටත් දරු සුරතල් බලන්නට සූදානම් වන බවට ආරංචි පැතිරී ගියේ මීට සති කීපයකට කලින්. කවුරුත් හිතුවේ තවත් මාස කීපයකින් ගෞරී දරුවකු බිහි කරනු ඇති බවයි. ඒත් සිදුවුණේ කවුරුත් නොසිතූ දෙයක්. ගෞරීට ලැබුණු බිලිඳා නිවෙසට රැගෙන ඇවිත් ඉන් පසුව තමයි මෙතෙක් වසන් කරගෙන සිටි රහසක් හෙළි වුණේ. මේ තුන්වැනි දරුවා හැදී වැඩී ඇත්තේ ගෞරී ගේ කුස තුළ ‍ෙනාවෙයි. වෙනත් කාන්තාවකගේ කුස තුළයි. දැනට හෙළිවී ඇති කරුණු අනුව ශාරුක් – ගෞරී ගේ ලෙයින් හැදුණු දරුවා කුස තුළ හොවා ගෙන සිටියේ ශාරුක් ගේ ඥාති සොහොයුරියක්ලු.  මේ බිලිඳු දරුවා මෙලොව එළිය දකින්නට කලින් ශාරුක් සහ ගෞරී, ඉන්දීය වෛද්‍ය සංගම්වල දෝෂ දර්ශනයට ලක්වුණා. එයට හේතු වුණේ උපදින්නට සිටින දරුවා පුතෙක්ද, දුවෙක්ද යන්න සොයා බලන්නට ඔවුන් උනන්දු වන බවට ආරංචියක් පැතිරී යාමයි. මේ කාරණයට ඉන්දීය මාධ්‍ය තුළ ලොකු ප්‍රචාරයක් ලබාදී තිබුණා.  මෙහිදී ඉන්දීය වෛද්‍ය වෘත්තික සංගම් එයට විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ මව් කුස තුළ සිටින දරුවකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීමට ඉන්දීය නීතියෙන් ඉඩක් නොමැති බවයි. එය නීති විරෝධී කටයුත්තකැයි ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles