ශිෂ්‍යත්වයේ වැඩිම ළකුණු ලැබූ එකොළොස්දෙනා

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකාවෙන් පළමු ස්ථානයට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ තිසර එස්. කොඩිතුවක්කු හා තලාතුඔය කනිෂ්ඨ විද්‍යාලයේ එම්.එ්.යූ. මධුවන්ති යන සිසු සිසුවියන් පත්ව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පළමු ස්ථානයට පත්ව ඇති සිසු සිසුවියන් ලකුණු එකසිය අනූ හයක් බැගින් ලබාගෙන ඇත.
තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ කදාන සෙවන්ත් ෙඩි ඇඩිවෙන්ටිස්ට් උසස් විද්‍යාලයේ අචිත් ආදිත්‍ය බණ්ඩාර වික‍්‍රමසිංහ සිසුවායි. ඔහු ලකුණු එකසිය අනූ පහක් ලබාගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
හතරවැනි ස්ථානයට සිසුන් අටදෙනෙක් පැමිණ තිබේ. එම සිසුන් අටදෙනාම ලකුණු එකසිය අනූ හතර බැගින් ලබාගෙන තිබේ.
ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයේ දිනෙත් කළණ අමරසිංහ, හොරණ තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලයේ චන්දු අනුසර ජයලත්, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සේවිනි අමනෙත් ජාගොඩ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ජයසේන කක්නන්නාම්ගේ සෙනිදු රුවිත්, කුරුණෑගල මලියදේව බාලිකා මහා විද්‍යාලයේ නිරාලි හේෂලා එදිරිසිංහ, කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ තරිදු නිමේෂ් බණ්ඩාර රත්නායක, තඹුත්තෙගම කනිෂ්ඨ විද්‍යාලයේ සදුන් කල්හාර දිසාසානයක, මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප‍්‍රාථමික පාසලේ උදිත් සදරුවන් විජේරත්න යන සිසුන් මේ ආකාරයට සිව් වැනි ස්ථානවලට පැමිණ ඇත.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...